 |
සමාධි ප්‍රජා සංවර්ධන පදනම රජයේ ලියාපදිංචි රාජ්‍ය
නොවන, ලාභ නොලබන ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. එය
පහත දැක්වෙන සමාජ සුභසාධන හා සමාජ සංවර්ධන ව්‍යාපෘති
වල සක්‍රියව නියැළේ. |
 |
නොමිළයේ පවත්වන පරිගණක, ඉංග්‍රීසිල දමිළ භාෂා පාඨමාලා
(2001 සිට මේ දක්වා සාර්ථකව පාඨමාලා නිම කළ පිරිස
18,000 කට ආසන්න වේ.) |
 |
රැකියා අපේක්ෂාවෙන් පසුවනන්නන්ගේ හැකියා වර්ධනය පිණිස
වැඩමුළු, දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම |
 |
සුනාමි උවදුරෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවනෝපායන්
තිරසාරව පවත්වා ගෙන යාම සඳහා සක්‍රිය, ඵලදායී හා අඛණ්ඩ
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම |
 |
අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව නිවාස ව්‍යාපෘති
සඳහා සහභාගි වීම |
 |
සම්ප්‍රදායික කලා ශිල්ප රැක ගැනීමේ අරමුණින් ‘සමාධි
කවි මඩුව’ ව්‍යාපෘතිය මගින් හිටිවන කවි මඩු සංවිධානය
කිරීම. |
 |
ග්‍රාමීය තරුණ තරුණියන්ගේ හැකියා සහ කුසලතා ඉහළ නැංවීම
පිණිස ‘වසන්ත ප්‍රතිභා’ පුහුණු සැසි පැවැත්වීම |
 |
පහ වසර ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයන්ට
පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන
සම්මන්ත්‍රණ පැවැත්වීම |
 |
පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප සහ
කුසලතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති, පාරිසරික ගැටළු
සහ අනෙකුත් සමාජීය ප්‍රශ්න ඉලක්ක කෙරෙන ව්‍යාපෘති හා
වැඩසටහන් පැවැත්වීම. |
 |
සේවා යෝජකයන්ගේ සහ රැකියා අපේක්ෂාවන් පසුවන්නන්ගේ දත්ත
පද්ධතියක් (Database) පවත්වාගෙන යාම, මෙතුළින් 8000කට
වැඩි පිරිසකට පුද්ගලික අංශයේ රැකියා අවස්ථා උදා කර දෙන
ලදී. |
 |
රුපියල් මිලියන 40කට අධික මුදලක් වැය කර මාලිම්බඩ
ප්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කළ අතර
එහි පරිගණක පුහුණුව, ස්ක්‍රීන් ප්‍රින්ටින්, මැහුම්,
වීඩියෝ කැමරාකරණය හා සංස්කරණය, නිශ්චල ඡායාරූපකරණය ආදී
පාඨමාලා පැවැත්වේ. එසේම සම්මන්ත්‍රණ හා වැඩමුළු
පැවැත්විම සඳහා අති නවීන, අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්ද
එහි ඇත. |
 |
මාතර දිස්ත්‍රික්කයේ පාසල් 373 ක පුස්තකාල සඳහා
රුපියල් මිලියන 18.3 කට අධික වටිනාකමින් යුත් පුස්තකාල
පොත් පරිත්‍යාග කරන ලදී. |