 |
සහකාර ප්‍රවෘත්ති සම්බන්ධීකාරවරයෙකු ලෙස ටෙල්ෂාන්
නෙට්වර්ක් ආයතනයට (TNL) සම්බන්ධ වූ අතර පසුව
ප්‍රවෘත්ති සම්බන්ධීකාරක සහ නියෝජ්‍ය ප්‍රවෘත්ති
සංස්කාරක බවට පත් විය. (1995 අගෝස්තු සිට 1997
අප්‍රේල්) |
 |
ටී. එන්. එල්. රූපවාහිනියේ “ජනහඬ” දේශපාලන කාලීන
සිදුවීම් වැඩසටහන මෙහෙයවීම (1996 සැප්තැම්බර් සිට 1998
අප්‍රේල්) |
 |
සිරස රූපවාහිනියේ විධායක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ
වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කිරීම (1998 ජුනි -
2004 අප්‍රේල්) |
 |
එම්.ටි.වී. චැනල් පුද්ගලික සමාගමට අයත් සිරස
රූපවාහිනියේ වඩාත්ම ජනප්‍රිය දේශපාලන හා කාලීන
සිදුවීම් වැඩසටහන වූ “සමීප දසුන” මෙහෙයවීම, ඉදිරිපත්
කිරීම සහ නිෂ්පාදනය (1998 ජුනි - 2004 අප්‍රේල්) |
 |
සිරස රූපවාහිනිය ඔස්සේ සතිපතා ප්‍රචාරය වූ දේශපාලන හා
කාලීන සිදුවීම් පිළිබඳ වැඩසටහන් වූ “විසම්මුතිය”,
“ජනතා ප්‍රශ්න”, “සැබෑ විසඳුම්” වැඩසටහන් මෙහෙයවීම,
ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය (1999 ඔක්තෝබර් - 2004
අප්‍රේල්) |
 |
වෘත්තිය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි. (1996
සිට 2004 දක්වා) |
 |
ෆ්‍රෙඩ්රික් නවුමාන් (FNSt) පදනමේ අනුග්‍රහයෙන්
ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වූ
ආයතනයේ IDL මාධ්‍ය සම්බන්ධීකාරක (2005 – 2010) ලෙස
කටයුතු කිරීම. |
|
විශ්වවිද්‍යාල ජීවිතය
::.. |
 |
කැළණිය විශ්ව
විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෙර සීමාවාසික පුහුණු
වෛද්‍යවරයෙකි. (1998 – 2003) |
 |
විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන සරසවි
ශිෂ්‍යයෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය
අගයමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංගමය සහ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින්
සංවිධානය කරන ලද “මාගේ දේශය අවදි කරනු මැන” කලා
උළෙලේදී “සරසවි ප්‍රඥාකුරයෙක්” ලෙස සම්මානයට පාත්‍ර
විය. (1998) |
|
|
පාසල් ජීවිතය
::.. |
 |
මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි. (1980 – 1993) |
 |
රාහුල විද්‍යාලයෙ
ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ නායක (1991 – 1992) |
 |
රාහුල විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක (1991 – 1993) |
 |
මාතර දිස්ත්‍රික්
අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංගමයේ සහකාර ලේකම්
(1990 – 1991) |
 |
සිංහල සාහිත්‍ය සංගමයේ
සහ විද්‍යා සංගමයේ ලේකම් (1990 – 1993) |
 |
රාහුල විද්‍යාලය සහ මාතර මහා මන්තින්ද පිරිවෙන්
විහාරස්ථ බැදිගම ශ්‍රී රතනපාල දහම්පාසල නියෝජනය කරමින්
ජාතික මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ කථික තරඟ වලදී
ජයග්‍රහණ රාශියක් හිමි කරගත් අතර රන්, රිදී පදක්කම් සහ
කුසලාන රාශියක් දිනා තිබේ. (1989 – 1993) |
 |
අශෝක නිවාසයේ හොකී කණ්ඩායමේ සාමාජිකයෙකි. (1985 -1987) |
 |
අශෝක නිවාසයේ පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකි. (1987 –
1988) |
|
|
ආගමික සේවා
::.. |
 |
මාතර බිනර මහ පෙරහැරේ ප්‍රධාන බස්නායක නිලමේවරයා ලෙස
2007 වසරේ සිට මේ දක්වා කටයුතු කරයි. |
 |
17 හැවිරිදි වියේදී මාතර, මහා මන්තින්ද පිරිවෙන්
විද්‍යායතනයේ බැදිගම ශ්‍රී රතනපාල දහම් පාසලේ
විදුහල්පති ධූරයට පත්ව ශ්‍රී ලංකාවේ ලාබාලතම දහම්
පාසල් ප්‍රධානාචාර්යවරයා (1991 – 1998) ලෙස වාර්තා
තැබීය. |
 |
ජාතික සාරධර්ම අධ්‍යාපන පදනමේ ජාතික සංවිධායක (2000
සිට මේ දක්වා) |
 |
මාතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ (1996 – 2000)
දහම්පාසල් අනුකමිටු ලේකම් |
 |
මාතර දිස්ත්‍රික් දහම්පාසල් ගුරු සංවර්ධන ආයතනයේ
අධ්‍යක්ෂ (1993 – 2003) |
 |
දකුණු පළාතේ දහම් පාසල් ගුරුවරුන් සඳහා පුහුණු
වැඩසටහන් පැවැත්වීම (1993 සිට මේ දක්වා) |
 |
මාතර දිස්ත්‍රික් දහම් පාසැල් ශිෂ්‍ය නායකයින් සඳහා
පුහුණු වැඩසටහන් පැවැත්වීම (1995 සිට මේ දක්වා) |
 |
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දහම් පාසල් ගුරුවරුන් හා
සිසුන් සඳහා වූ ව්‍යාපෘතිවල නියැළීම (1994 සිට මේ
දක්වා) |
|
|
බාලදක්ෂයෙකු ලෙස
::.. |
 |
ශ්‍රී ලංකාවේ බාලදක්ෂයෙකුට දිනාගත හැකි ඉහළම සම්මානය
වන ජනාධිපති බාලදක්ෂ පදක්කම 17 හැවිරිදි වියේදී හිමි
කර ගන්නා ලදී. (1991) |
 |
“3 වැනි මාතර රාහුල” බාලදක්ෂ කණ්ඩායමේ කාණ්ඩ ලේකම්
(1990 – 1993) |
 |
ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ මූලස්ථානයේ සහකාර මූලස්ථාන
බාලදක්ෂ කොමසාරිස් ලෙස කටයුතු කරන ලදී. (2001 – 2004) |
 |
බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඔහු කළ සේවාව ඇගයීමක් ලෙස
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වූ ජනාධිපතිතුමා
විසින් The Thanks Badge සම්මානය 2009 වසරේදී පිරිනමන
ලදී. |
|
|
රතු කුරුස සංවිධානයේ සමාජ සේවා
::.. |
 |
මාතර දිස්ත්‍රික් කණිෂ්ඨ රතු කුරුස ව්‍යාපෘතිය ස්ථාපිත
කිරීම සඳහා පුරෝගාමී වූ අතර 16 හැවිරිදි වියේදී එහි
ප්‍රථම දිස්ත්‍රික් ලේකම් විය. (1990 – 1991) |
 |
යොවුන් රතු කුරුස සමාජ ගොඩ නගන ලද අවස්ථාවේදී මාතර
දිස්ත්‍රික් යොවුන් රතු කුරුස සමාජයේ ප්‍රථම
දිස්ත්‍රික් ලේකම් (1991 – 1992) |
 |
රාහුල විද්‍යාලයට කනිෂ්ඨ රතු කුරුස සමාජය හඳුන්වා දීමට
මූලික වූ අතර විදුහලේ කණිෂ්ඨ රතු කුරුස සමාජයේ ප්‍රථම
පාසල් ලේකම් විය. (1990 – 1991) |
|
මුතුහර ළමා සමාජයේ
::.. |
 |
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුතුහර ළමා සමාජ
ව්‍යාපෘතියට අනුබද්ධ මුතුහර ළමා සමාජ මාතර නගර ශාඛාව
පිහිටුවීමට මූලික වූ අතර 13 හැවිරිදි වියේදී එහි
ආරම්භක සභාපති විය. (1987 – 1990) |
 |
මාතර මුතුහර ළමා සමාජයේ උපදේශක මණ්ඩලයේ සභාපති (1990
සිට මේ දක්වා) |
|
|
සිදුකළ විශේෂ ව්‍යාපෘති
::.. |
 |
මාතර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා ඇති පාසල්
සිසුන්ට උපකාර කිරීම සඳහා “ශිෂ්‍ය ප්‍රබෝධය”
ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. (1996 සිට මේ දක්වා) |
 |
තමා අධ්‍යාපනය ලැබූ පාසැල වු මාතර රාහුල විද්‍යාලයෙන්
වෛද්‍ය පීඨ සඳහා ඇතුලත් වීමට සුදුසුකම් ලබන ආර්ථික
අපහසුකම්වලින් පෙළෙන සිසුන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව
ප්‍රදානය කිරීම. |
|
|
හදාරන ලද විශේෂ පුහුණු පාඨමාලා
::.. |
 |
දහම්පාසල් අධ්‍යාපනයට
අදාළව ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන දර්ශනය සහ නායකත්ව
පුහුණු පාඨමාලාවක් හදාරන ලදී. (1990 – 1993) |
 |
කැපිටල් රේඩියෝ පුහුණු
ආයතයෙන් (1989) සහ කුමාරසිංහ රේඩියෝ සහ ඉලෙක්ට්‍රොනික්
පුහුණු ආයතනයෙන් (1990) රේඩියෝ ඉලෙක්ට්‍රොනික්
විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරන ලදී. |
 |
සැබෑ බෞද්ධයෙකු වශයෙන්
කටයුතු කරන අතරම කිතුණු දහම පිළිබඳ පාඨමාලාවක් සාර්ථකව
හදාරා සහතිකපත් හිමි කර ගෙන ඇත. (1987 – 1988) |
|
|
පවුල් පසුබිම
::.. |
 |
1974 මාර්තු 17 වෙනිදා මාතර මහ රෝහලේ දී උපත ලැබීය.
මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශයේ තිහගොඩ සහ මාලිම්බොඩ යන කෘෂිකාර්මික ගම්මාන
මුතුන් මිත්තන්ගේ මුල් ගම්බිම් විය. |
 |
පියාණන් වන එම්. එස්. ඩී. පතිරණ මහතා සිංහල මාධ්‍ය
උපාධිධරයෙක් වන අතර ගුරුවරයෙකු, ජාතික අධ්‍යාපන ආයතනයේ
සහ ගුරු විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යරවයෙකු සහ පසුව
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන
අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන තිබේ. |
 |
මෑණියන් වන ජේ. කේ. ගුණවර්ධන මහත්මිය, කීර්තිමත්
කොතලාවල - ආටිගල පරම්පරාව නියෝජනය කරන අතර ගුරුවරියක
හා ගුරු උපදේශකවරියක ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම
ලබා සිටී. |
 |
එකම සොයුරිය රුහුණු විශ්ව විද්‍යාලයේ සහකාර
පුස්තකාලයාධිපතිනියක් ලෙස සේවය කරන අතර ඇගේ
ස්වාමිපුරුෂයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
නිලධාරියෙකි. |
 |
බිරිඳ මිහිරි වර්ණකුලසූරිය මහත්මිය ඉතාලියේ ශ්‍රී ලංකා
තානාපති ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ
දුවණියයි. |
 |
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයේ නියැලීම සඳහා
අත්‍යවශ්‍යම සාධකයක් වී තිබෙන දේශපාලනික පවුල්
පසුබිමක් හෝ ඉසුරුමත් හෝ ධනවත් පවුල් පසුබිමක් ඔහු සතු
නොවේ. |