ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන භූමිය තුළ ඉදිරියට පැමිණෙන ජාතික
දේශපාලන නායකත්වයන් අතර ප්‍රමුඛතම යොවුන් නායකයා පාර්ලිමේන්තු
මන්ත්‍රී බුද්ධික පතිරණයි. ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ 7 වැනි පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙකි.
2010 අප්‍රේල් මස 08 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්
පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර ශ්‍රී ලංකාවේ
විශාලතම තනි පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනි ස්ථානයට
වැඩිම මනාප ප්‍රතිශතය ලැබූ මන්ත්‍රීවරයා ලෙස ඔහු වාර්තාගත වී
ඇත.
එසේම ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය ලබමින් 2004 හා
2009 වසර වල දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ අතර
බුද්ධික ශ්‍රී ලංකාවේ ලාබාලතම පළාත් සභා විපක්ෂ නායකවරයා ලෙස
ද කටයුතු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ උත්තරීතර ආයතනය ලෙස සැලකෙන කෘත්‍යාධිකාරී
මණ්ඩලයේ ලාබාලතම සාමාජිකයා ලෙස ද පක්ෂයේ දකුණු පළාත් මාධ්‍ය
ලේකම්, තරුණ, දේශපාලන, අධ්‍යාපන, විශ්ව විද්‍යාල, වෘත්තීය
සංවිධාන වැනි ආයතනයන්හි කමිටු තුළ ද සේවය කර තිබේ.
ලිබරල් ජාත්‍යන්තරයේ සමස්ත ආසියානු තරුණ ලිබරල්වාදීන්‍ගේ
සංවිධානයේ විධායක සභාවට 2007 වර්ෂයේ හා 2008 වර්ෂයේ පැවති
නිලවරණ සඳහා ඉදිරිපත් වූ බුද්ධික එම අවස්ථා දෙකෙන්ම ජයග්‍රහණය
කළේය. සමස්ත ආසියානු කලාපයේ සාමාජික රටවල, ඡන්ද සංඛ්‍යාවෙන්
වැඩිම ඡන්ද ප්‍රමාණය ඔහුට හිමිවීම මෙහිදී කැපී පෙනුණි.
එලෙසම ශ්‍රී ලංකාවේ ලිබරල් තරුණ සමාජයන්හි ජාතික සභාපතිවරයා
ලෙස ද 2006 – 2009 දක්වා ඔහු කටයුතු කර තිබේ.
2006 වසරේ පැවති JCI-HSBC
TOYO
සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම යොවුන් දේශපාලනඥයා ලෙස ද
සම්මාන ලැබීය.
වසර 9 ක් සිරස
TV
හා
TNL
රූපවාහිනී සේවාවන්හි දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ද
කටයුතු කර ඇති බුද්ධික කැළණිය විශ්ව විද්‍යාලයේ
රාගම වෛද්‍ය පීඨයේ පෙරසීමාවාසික වෛද්‍යවරයෙකි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ බාලදක්ෂයෙකුට ලබා ගත හැකි
ඉහළම සම්මානය වන “ජනාධිපති බාලදක්ෂ සම්මාන පදක්කම” දිනාගැනීමටද
1991 වසරේ බුද්ධික පතිරණට හැකියාව ලැබුණි.
මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන බුද්ධික පාසල් විවාද
කණ්ඩායමේ නායකයා ලෙස ද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු
කර ඇත. එසේම, මුතුහර ළමා සමාජ සභාපතිවරයෙක්, ශ්‍රී ලංකා
රතුකුරුස සමාජයේ,
යොවුන් රතු
කුරුස කවයන්හි ප්‍රථම දිස්ත්‍රික් ලේකම් ලෙස ද කටයුතු කර ඇති
ඔහු රන් හා රිදී පදක්කම්ලාභී කථිකයෙකි / විවාදකයෙකි.
ශ්‍රී ලංකාවේ ලාබාලතම බෞද්ධ දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා ලෙස
වයස අවු. 17 දී පත් වූ බුද්ධික මාතර බිනර මහ පෙරහැරේ ප්‍රධාන
බස්නායක නිලමේවරයාය.
පිය පාර්ශ්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර කෘෂිකාර්මික
ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කරන බුද්ධික මවු පාර්ශවයෙන් මෙරට
දේශපාලනයේ කොතලාවල - ආටිගල පරම්පරාවට ඥාතිත්වය ඇත.
එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය
තුළ ඉදිරියට යාමට ඇතමුන්ට අත්‍යවශ්‍ය සාධක ලෙස සැලකෙන පවුල්
බලය, ධන බලය හා මැර බලය ඔහුට වැදගත් නොවන්නේ තම හැකියාව,
දක්ෂතාවය, කැපවීම හා කුසලතාවය මත බුද්ධික පතිරණ හැම විටම පෙරට
ගමන් කිරීමයි.
ඔහු පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔබත් පිවිසෙන්න.
www.buddhikapathirana.org
www.buddhikapathirana.com
www.samadhifoundation.net |